ක්ලිෆර්ඩ් කුසලාන අවසන් තරගයට පොලිසිය සහ හැව්ලොක්ස්

51

“ක්ලිෆර්ඩ් කුසලාන” අන්තර් සමාජ පිළිමළුන් පිටු දැකීමේ රග්බී පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙවර ලීග් ශූරතාව අපරාජිතව දිනා ගත් සී.ආර්.ඇන්ඩ් එෆ්. සී. සමාජයට එරෙහිව ලකුණු 40 – 16 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් “පොලිසිය” ද, සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව ලකුණු 37 – 27 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් “හැව්ලොක්ස්” පිල ද අවසාන මහා තරගයට වරම් ලැබීය. වසර 09 කට පසුව සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් “ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන” අවසන් සටනට පොලිස් පිල වරම් ලබා ගැනීම මෙවර අවසන් පූර්ව තරග ආශ්‍රිතව දක්නට ලැබුණු කැපී පෙණුන සිද්ධිය විය.

එමෙන්ම, ඊයේ (06) පැවැති සී.එච්. පිල සහ හැව්ලොක්ස් පිල අතර තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරකට අනුවර්තනය වීම ද කැපී පෙණුනි.

මෙවර තීරණාත්මක අවසාන තරගය ඉරිදා (09) ප.ව. 04.00 ට ආරම්භ කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment