ගුවන් හමුදා පාපැදි සවාරිය සිව්වෙනි අදියරයේ ජය ප්‍රභාෂ් සිල්වාට අවසන් අදියරය අද

81

ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය එක්ව 25 වන වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරියේ සිවිවන අදියරේ ප්‍රථම ස්ථානය නාවික හමුදා කණ්ඩායමේ ප්‍රභාෂ් සිල්වාට හිමි වූයේය.

දෙවන ස්ථානය කදිරාන ස්පිඩි කණ්ඩායමෙි උමේෂ් විරසිංහ අත්කරගන්නා ලදී. තරගයේ තුන්වන ස්ථානය ඉන්දියානු ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රිෂ්ණා නායකොඩි හට හිමි විය.

සිවිවන අදියර ත්‍රිකුණාමලය සිට වවිනියාව දක්වා (කි.මී 139.4 ) දුරක් ඊයේ (06 වැනිදා ) පැවැත්වුණි.

තරගයේ අවසන් දිනය ලෙස වවිනියාව සිට යාපනය දක්වා (කි.මී 147.4) දුරක් පාපැදි තරගකරුවන් අද (07 වැනිදා ) ධාවනයේ යෙදිමට නියමිතව ඇත

මෙම තරගයට සමගාමිව සංවිධානය කරනු ලබන කාන්තා පාපැදි තරගය අද (07 දා) මාන්කුලම් සිට යාපනය දක්වා පැවැත්විමට නියමිත අතර එහි දුර ප්‍රමාණය කි.මී. 98 කි.

advertistmentadvertistment
advertistmentadvertistment