සා/පෙළ විභාගය 10 ශ්‍රේණියට – ඇමැති සුසිල් මැතිසබයේදී කියයි

67

දරුවන් වයස්ගත වීමට පෙර ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවත් එවිට උසස් පෙළ විභාගය සඳහා දරුවකුට වයස අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

ඊට අමතරව වයස අවුරුදු 04 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවද ඊයේ පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව ද කී ඒ මහතා එහිදී මෙසේද කීය. අපි යෝජනා කරලා තියෙනවා වයස අවුරුදු 04 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕනේ කියලා. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ ඒ අයට ආසන්නම පෙර පාසල්වල ඕනේ තරම් ඉඩ තියෙනවා.

මේ වන විට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය මගින් හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment