ලිට්‍රෝ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට – සභාපති මුදිත පීරිස්

68

ලිට්‍රෝ සමාගම වසර තුනහමාරකට පසු ලැබූ ලාභාංශවලින් රුපිල් කෝට් 150 (බිලියන 1.5) මහා භාණ්ඩාගාරයට ලබාදුන් බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

තම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා මෙම මුදල් භාණ්ඩාගාරය වෙත යොමුකරන බවද ඒ මහතා කීය. 2019 වසරේ සිට රුපියල් කෝටි 1400 (බිලියන 14) ක පාඩුවක් මෙන්ම තවත් රුපියල් කෝටි 1000 (බිලියන 10) ක මුදලක් ණය බරව සිටි සමාගම වසරක් වැනි කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවද ඒ මහතා කීය.

රුපියල් 5000 වැනි මිලකට තිබූ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2900 දක්වා අඩුකර ජනතාවට සහනදීමට හැකිවූ බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව තම සමාගම ලැබූ ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබාදීමෙන් පොදු මහජනතාවට යළිත් වරක් ඉන් සහන ලැබෙනු ඇතැයිද මුදිත පීරිස් මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment