බිල ගෙවලා නෑ මන්ත්‍රී මුතුකුමාරණගේ ගොවිපළේ ලයිට් කපලා

104

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතාට අයත් එප්පාවල, කටියාව පාරේ පිහිටි ගොවිපළේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.

එම ගොවිපළට වතුර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා විදුලි සම්බන්ධතාව ලබාගෙන තිබූ අතර රුපියල් හත්දහසක පමණ හිඟ මුදලක් තිබීම හේතුවෙන් සිය ගොවිපළේ විදුලිය විසන්ධි කළ බව හෙතෙම ‘දිවයින’ ට පැවැසීය.

කෙසේ වෙතත් රුපියල් තුන්දහසක් ගෙවා නැවත විදුලි සම්බන්ධතාව ලබාගත් බවත් ඔහු කීවේය. එලෙස නැවත විදුලි සම්බන්ධතාවය ලබාගැනීමේ දී අයකරන රුපියල් 3000ක මුදල අසාධරණ බව කියමින් එය අඩුකරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ පුරප්පාඩුවට එස්. ඩී. මුතුකුමාරණ මහතා පත්වූයේ පසුගිය අඟහරුවාදා දිනය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment