ඖෂධ හිඟ යයි කියූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම්ට විනය පරීක්‍ෂණ

66

රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හ`ිගය මත රෝගීන් මුහුණ දී සිටි අසරණ තත්ත්වය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හමුවේ දැනුවත් කර පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයකට කැඳවා ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

මේ සම්බණධයෙන් කරුණු විමසීමේදී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ‘දිවයින’ට මෙසේ පැවැසීය.

මම රෝහලේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා වන අතරම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස කටයුතු කරනවා. ඌව පළාතේ ප්‍රධාන රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හිඟය නිසා බාහිර ප්‍රතිකාර ඒකකයේ සහ සායනික රෝගීන් විශාල පිරිසක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්වී සිටියා.

මේ සම්බන්ධව මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවැති තත්ත්වය ගැන 2022.09.15 දින මාධ්‍ය සාකච්ජාවක් (press Conference) සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ලැබුණා. එය අසරණ දුප්පත් රෝගීන් සුවිශාල පිරිසකට ලොකුම අස්වැසිල්ලක් වුණා

මට එවා ඇති චෝදනා පත්‍රයට (charge sheet) එකට පිළිතුරු යවා තිබෙනවා. විනය පරීක්ෂණයටත් මුහුණ දෙනවා. බය ගන්වා කට වහන්න නම් බැහැ. මේක කාගේ හරි උසිගැන්වීමකට කළ දෙයක් ලෙසයි අදහස් කරන්නේ. විශේෂයෙන්ම හෘද

රෝගීන් වෙනුවෙන් හෘද කැතීටකරණ යන්ත්‍රයක් (Angiogram Machine) එකක් ලබාගැනීමට මූලිකව කටයුතු කිරීම යටපත් සිද්ධියක් ඉස්මතුවීමට හේතුවී ඇතැයි විස්වාස කරනවා.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment