කුරුණෑගල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ජනතාවට යාම අපහසුයි

59
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේන්තුව කාර්යාලය පිහිටි කුරුණෑගල මහ නගර සභාවේ තෙමහල් ගොඩනැගිල්ල

කුරුණෑගල මහ නගර සභාවට අයත් කුරුණෑගල නගරයේ පිහිටි තෙමහල් වෙළඳ සංකීර්ණයේ තුන්වන මහලේ ආරම්භ කර තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් මෙම කාර්යාලයට ජනතාවට පහසුවෙන් ගමන් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණයවී තිබීමෙන් ජනතාව සේවා ලබාගැනීමට මැලිකමක් දක්වති.

කුරුණෑගල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ජනතාවට යාම අපහසුයි
ආබාධිත පුරවැසියෙකු කිහිලිකරු ආධාරයෙන් තුන්වන මහලට ගමන් කරන අයුරු

තෙමහල් වෙළඳ සංකීර්ණයේ පැවැත්වෙන රජයට අයත් මෙම කාර්යාලයට ආබාධිත පුරවැසියන්ට මෙන්ම වයෝවෘධ සහ විවිධ රෝගාබාධ සහිත පුරවැසියන්ට සහ ගැබිනි මාතාවන්ට මෙම කාර්යාලයේ සේවය ලබාගැනීමට පහසුවෙන් ළඟාවිය නොහැකිවීම නිසා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් රජයේ වගකිව යුත්තන්ට දැඩි අප්‍රසාදය පළ කරති.

අධික කාලයක් පුරා මෙම විදුලි සෝපානය ක්‍රියාවිරහිත වී තිබීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ වගකිව යුත්තන් අන්ධයන්සේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතාව විමතිය පළ කරති.

මහල් තුනක් සහිත මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් හිමියන් නියමිත බදු මුදල් නිසිපරිදි ගෙවන බවත් පාරිභෝගිකයන් විදුලි සෝපානය ක්‍රියාවිරහිතවීම නිසා භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් මන්දගාමී බවත් ඇතැම් දිනවලදී එකම භාණ්ඩයක්වත් අලෙවි නොවන බව වෙළඳ සැල් හිමියන් පැවසීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment