ත්‍රී’මලේ-ගාල්ල-මාතර අද සුනාමි පෙරහුරුවක්

83

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කලාපීය සුනාමි අභ්‍යාසයක් අද (04දා) පැවැත්වෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (03) දැනුම් දුන්නේය.

වෙරළබඩ ප්‍රජාවගේ සහ පාසල් සිසුන්ගේ සුනාමි සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ස්ථාපිත කර ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම් දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment