නඩුව පරාදවුණැයි උරණවී නීතිඥයාට සුළුදිය ප‍්‍රහාරයක්

533

නඩුව පරාජය වීම හේතුවෙන් උරණ වී නීතිඥවරයකුට සුළුදිය දමා ගැසූ පුද්ගලයකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම අධිකරණයේ නීතිඥවරයකු විසින් දුරකථන මගින් කරන ලද දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර උතුර, කලපුගම ප‍්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මීට වසර කිහිපයකට ප‍්‍රථම හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට අයත් බැව් කියන අගලවත්ත ප‍්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් තිබේ. එයින් ඉවත්වන ලෙස රාජිත සේනාරත්න මහතා දැනුම් දීමෙන් පසු අධිකරණයේ නඩුවක් පවරා තිබේ. පහරකෑමට ලක්වූ බැව් කියන නීතීඥවරයා සැකකරු වෙනුවෙන් පෙනී සිට ඇති බවත්, නඩුව පරාජයට පත්වීමෙන් උරණ වූ සැකකරු තමන් ලබාදුන් මුදල් ඉල්ලා නීතිඥවරයාට මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී මුත‍්‍රාවලින් පහරදී තිබේ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment