පිරිසක් බලා සිටියදී තවත් පිරිසකට ආහාර දීම කනගාටුදායකයි – අපේ ආණ්ඩුවකින් වර්ගීකරණය නොකර සෑම දරුවකුටම දිවා ආහාරය දෙනවා

36

කොටවාය විදුහලට සුහුරු පන්ති කාමරයක් පිරිනමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

“පාසල් දූ දරුවන් ශක්තිමත් කිරීමට එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නා. අද දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට පමණක් ලබා දෙන්න රජය කටයුතු කරනවා. එය ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක්. එකම පාසලේ දරුවන් දෙකට බෙදීම සහ වර්ගීකරණය කිරීම සිදු නොකළ යුතුයි. සමගි ජන බලවේග රජයක් තුළ එවැනි වර්ගීකරණයක් සිදු නොකර සෑම දරුවකුටම දිවා ආහාරය ලබා දෙනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 134 වැනි අදියර යටතේ පසුගියදා හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ, “තමාගේ

සිහිනය වන්නේ මෙරට දරුවන් කවදා හෝ මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවය කරනු දැකීමයි. අපේ රට මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමේ සිහිනයක් ද තිබෙනවා. ඒ සඳහා ඉංග්‍රීසි මෙන්ම තොරතුරු තාක්ෂණ, පරිගණක දැනුම අවශ්‍ය වෙනවා. සිංහල පමණයි දමිළ පමණයි කියා සිටීමෙන් ඒ සිහිනය කරා යා නොහැකි” යැයිද විපක්ෂ නායකවරයා පැවසීය. රටේ පත් කරන පාලකයන් නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා නොදීම නිසා නව දැනුමෙන් දරුවන් සන්නද්ධ නොවූ බවත් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment