කැලණිවැලිය ඇහැලියගොඩ දක්වා යන ලකුණු

738

අවිස්සාවේල්ල සිට ඇහැලියගොඩ දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය යළි දීර්ඝ කිරීම සඳහා සොයාබැලීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

රුවන්පුරයට ජන එකමුතුව සංවිධානය මගින් පසුගිය සතියේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හමුවී කරුණු පෙන්වාදීමෙන් පසු දුම්රිය සාමාන්‍යාධිකාරි ජේ.අයි.ඞී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැරණි ගැටහැත්ත දුම්රිය ස්ථානයේ සිට ඇහැලියගොඩ දක්වා පැරැණි දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයක යෙදුණහ. කැලණිවැලි දුම්රිය මාර්ගය
ඕපනායක දක්වාම පැවැති අතර එය 1970 දශකයේදී අව්ස්සාවේල්ල දක්වා සීමා කරමින් දුම්රිය මාර්ගය ගලවා ඉවත් කර තිබේ. මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයට කිසිදු දුම්රිය මාර්ගයක් නොමැතිකම දිස්ත‍්‍රික්කයේ දියුණුව මන්දගාමී වීමට ද බලපා ඇතැයි රුවන්පුර ජන එකමුතුව සංවිධානය පවසයි. කැලණිවැලි දුම්රිය මාර්ගය

යළි දීර්ඝ කිරීම ගැන රජයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව්මේදී ද මේ ගැන සාකච්ඡා විය.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment