පාස්පෝට් ගාස්තු වැඩි කිරීමෙන් ආගමන විගමන මල්ල තරවෙයි

178

සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී අය කරන ගාස්තුව රුපියල් පන්දහසේ සිට රුපියල් දසදහස දක්වා ඊයේ (01 වැනිදා) සිට ඉහළ දැමීමත් සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම ඉහළ ගොස් ඇත.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ දිනකට සාමාන්‍යයෙන් ගමන් බලපත්‍ර එක්දහස් පන්සියයක් පමණ දිනපතාම නිකුත් කරන බව එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 20,000 කි. එම ගාස්තුවල වෙනසක් සිදුවී නැතැයිද හෙතෙම කීය.

ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උගතුන් පමණක් නොව රටේ තරුණ තරුණියන් බොහෝ දෙනෙකු විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන විදෙස් ගතවීමට උත්සාහ ගැනීම නිසා දෛනිකව ගමන් බලපත්‍ර ලබාගැනීමේ විශාල වැඩිවීමක් සිදුවිය. මීට අමතරව නිවාඩු ලබා විදේශ රැකියාවලට යෑමට රාජ්‍ය සේවකයින්ට ද අවස්ථාව ලැබිණි.

සාමාන්‍ය ක්‍රමවේදය, එක්දින සේවාව හා මාර්ග ගත ක්‍රම හරහා ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා තිබෙන අතර බොහෝ විට දිනකට ගමන් බලපත්‍ර හාරදහසක්, හාරදහස් පන්සියයක් පමණ නිකුත් කරන බවද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment