ආචාර්ය සරත් ගුණපාලගෙන් තවත් සොයාගැනීමක්

5892

ශාකවලින් වාෂ්ප කෙරෙන ජල වාෂ්ප ප්‍රමාණය (උත්ස්වේදනය) අධෝරක්ත කිරණ මගින් ග්‍රහණය කරගෙන එම ශාකවල සෞඛ්‍ය තත්ත්වය (නිරෝගී බව) මැනිය හැකි විශේෂිත චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉකුත් 18 වැනි බ්‍රහස්පතින්දා අළුයම අභ්‍යවකාශ ගතකිරීමට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර, නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් ක්‍රියාකර ඇත.

“හයිපස්පෙක්ට්‍රල් තර්මල් ඉමේජ්” නමැති සිද්ධාන්තය ඔස්සේ මෙසේ පොළොව මත ඇති ශාකවලින් චන්ද්‍රිකාව ලබාගන්නා දත්ත මගින් ජලය අනවශ්‍ය භාවිතය වළකා, වගාවන්ට අවශ්‍ය ජල ප්‍රමාණය, අවශ්‍ය අවස්ථාවේදී නිකුත් කිරීමට මහා පරිමාණ වගා කටයුතු සිදුකරන ගොවීන්ට ඉතා නිවැරදි තොරතුරු ලබා දිය හැකි බවද, යම් වගාවක, බෝගයක හෝ ශාකයක සෞඛ්‍ය තත්ත්වය මේ මගින් නිශ්චය කරගත හැකි බවද ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment