අතවරකර තරුණියක ඝාතනය කළැයි පෝරකයට නියම වූ හමුදාවේ 2 ක් නිදොස් කොට නිදහස්

264

පළමු විත්තිකරුට එරෙහිව නැවත නඩු විභාගයක් පළමු විත්තිකරුට එරෙහිව නැවත නඩු විභාගයක්

ද්‍රවිඩ ජාතික තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරාදමා මළසිරුර වැසිකිළි වළක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සෙබ`එන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28දා) නියෝග කළේය.

එකී චෝදනාවට වරදකරු කර මරණීය දණ්ඩනය නියම කර තිබූ අනෙක් කෝප්‍රල්වරයාට එරෙහිව නැවත නඩු විභාගයක් පවත්වන ලෙසට ද මේනකා විජේසුන්දර හා බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල මහාධිකරණයට නියෝග කළේය.

එම නඩුවේ පළමුවන විත්තිකරු වන කෝප්‍රල් ගාමිණී සමන් ලියනගේ නමැත්තාට එරෙහිව එලෙස නැවත නඩු විභාගයක් පැවැත්වීමට නියම කළ අතර දෙවන හා තෙවන විත්තිකරුවන් වන යුද හමුදා සෙබළ හේවාපේඩිගේ සරත්චන්‍ද්‍ර හා කෝප්‍රල් ගමගේ කිත්සිරි යන දෙදෙනා එලෙස නිදොස් කොට නිදහස් කෙරිණි.

තමන් සේවය කරමින් සිටි යාපනය පලාලි පාරේ කොණ්ඩාවිල් හමුදා මුරපොළ හරහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි රැජිනි වේලායුදපිල්ලේ නමැති තරුණිය යතුරුපැදිය සමගම පැහැරගෙන ඒ අසල පිහිටි හමුදා නිලධාරීන් විවේක ගැනීම සඳහා භාවිත කළ නිවසකට ගෙනගොස් එම අපරාධය සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් 2001 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් ජූරි සභාවක් හමුවේ විභාග කිරීමෙන් අනතුරුව ජූරි සභාවේ එකඟත්වයෙන් එම දඬුවම් නියම කොට තිබිණි.

පළමුවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ රෙහානා දේශප්‍රිය, චානක ලියනගේ සමග ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා පෙනී සිටි අතර දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සන්දීපනී විජේසූරිය, සවනි උඩුගම්පල, ලකිත වාගිස්ටආරච්චි සහ නීතිඥ එස්. ද සිල්වා යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගේ මහතා පෙනී සිටියේය. තෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමාන් බණ්ඩාර මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment