පැවිදි වූ වියට්නාම් විශ්ව රූ රැජින මිහින්තලා පුදබිම වැඳපුදා ගනී

486

විශ්ව රූ රැජිනක් ලෙස කිරුළ පැළඳි වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්කුනී නමින් පැවිදි දිවියට එළඹ වසර 15ක් සපිරීම නිමිත්තෙන් ප්‍රථම වතාවට ලංකාවට වැඩම කොට ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීම පෙරේදා (27) දිනයේ දී සිදු කෙරිණි.

පැවිදි දිවියට එළඹීමට පෙර ඇය වියට්නාමයේ රූ රැජින ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර පස් වෙනි වරට ඇය විශ්ව රූ රැජින ලෙස ද කිරුළ හිමි කරගෙන ඇත. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර ඇත.

පැවිදි වූ වියට්නාම් විශ්ව රූ රැජින මිහින්තලා පුදබිම වැඳපුදා ගනී

සුජාතා භික්කුනී මෙහෙණින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩම කොට ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මිහින්තලා රජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙණින් වහන්සේ, ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුද බිමේ වන්දනාමාන කටයුතුවල නිරත වූ සේක. එමෙන්ම වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් සමඟ සුහද පිළිසඳරකද යෙදුණු අයුරු දක්නට ලැබිණි.

තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment