පාස්කු ප්‍රහාර සැකකරුවෙක් ඉල්ලූ ඇප

403

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරසිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බව විනිසුරුවරයා සඳහන් කළේය.මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්, ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment