ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

386

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 දා සිට වසා දැමේ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාවේ වගකීම අගෝස්තු 01 වැනිදා සිට නවදිල්ලි නුවර පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බව කොළඹ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පසුගිය වසරේ සැප්තැම්බරයේදී නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ විදේශයන්හි සිය දූත මණ්ඩලවල වෙනස්කම් කිහිපයක් සිදු කරන බවත්, කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ඇතුළු විදේශීය දූත මණ්ඩල පහක් වසා දමන බවත්ය. ස්ලෝවැකියාව, ශ්‍රී ලංකාව, කොසෝවෝ, මැඩගස්කරය යන රටවල තානාපති කාර්යාල හා ඇමෙරිකාවේ හුස්ටන් නගරයේ පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය මෙසේ වසනු ලබයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment