පිරිපහදුවෙන් හරියට වැඩ ගත්තා නම් විදුලි කැපිලි නෑ

277

සපුගස්කන්ද පිරිපහදුවෙන් නිසි පරිදි බොරතෙල් පිරිපහදු කළේ නම් විදුලි කප්පාදුව වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීහු කියති. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සතුව බොරතෙල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයකට වඩා තිබුණත් වැරදි උපදෙස් මත තෙල් පිරිපහදුව මගින් දෛනිකව නිපදවන ධාරිතාව අඩකින් පමණ අඩු කිරීම නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ඞීසල් දැවිතෙල් හා නැප්තා සැපයුම අඩාළ වූ බවත් මේ නිසා දිනකට පැය හතහමාරක් දක්වා විදුලිය කපා හැරීමට සිදු වූ බවත් ඔවුහු කියා සිටිති.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 5000ක් පිරිපහදු කළ හැකි මුත් ඉකුත් දින කිහිපයේදී බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 3200ක් පමණක් පිරිපහදු කළ බව ද ඔවුහු කියා සිටියහ. ණය පදනම මත තවදුරටත් බලාගාරවලට ඉන්ධන ලබාදිය නොහැකි බව කියමින් පිරිපහදු කටයුතු අඩකින් පහළ දැමූ නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයුම නතර වීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment