උ/පෙළ සමයේ විදුලි කැපිල්ලට කොමිසමෙන් අවසර නෑ – ජනක රත්නායක

50

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන මස 17 වැනිදා දක්වා විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර නොදෙන බවත් විදුලිය එම කාලය තුළ කපා දැමුවහොත් ලංවිම නීතිමය වශයෙන් ඊට වගකිවයුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ලංවිමට ලිඛිතව දැනුම් දී තිබේ.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඊයේ (27 වැනිදා) ලිපියක් මගින් මණ්ඩලයට ඒ බව දැනුම්දී ඇත.

උසස් පෙළ විභාගයට මුහුණ දෙන 331,709 ක් වන පාසල් දරුවන්ගේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම කාගෙත් වගකීම බවද ඒ මහතා එමගින් පෙන්වා දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment