මිහින්තලේ පොලිසිය ඉන්නවාලු

445

මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.මිහින්තල පුදබිමේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය බව කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධරයන් තිස්දෙනෙකු පමණ එහි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ යයිද කීය.මිහින්තලයට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මිහින්තල පුදබිමට හමුදාව යොදවා සිටියේ ආරක්ෂාව සඳහා නොව වෙනත් වැඩ කටයුතු සඳහා බව කී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මිහින්තලයෙන් ඉවත් කරන ලද්දේ එම ආරක්ෂක හමුදා භටයන් 252 බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment