බැංගලෝරයේදී ආයූ චිත‍්‍රපටයට සම්මානයක්

73

ඡත‍්‍ර ඩයස් වීරමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ”ආයු” චිත‍්‍රපටය හොඳම ආසියානු චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇත. ආයූ සිනමාපටය මෙම සම්මානයෙන් පිදුම් ලැබ ඇත්තේ බැංගලෝරයේදී පැවති 4 වැනි නවෝත්පාදක ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලේදීය.

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලවල් අතරින් එකක් වන IIFF චිත‍්‍රපටි උළෙල බැංගලෝරයේ පිහිටි නවෝත්පාදක චිත‍්‍රපට ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන්නකි. මෙම උළෙල මගින් විවිධ රටවල සමනිෂ්පාදන අවස්ථා සඳහා ජාත්‍යන්තර චිත‍්‍රපට කර්මාන්තය වෙනුවෙන් ජාලගත වේදිකාවක් නිර්මාණය කරන අතර උළෙලට සහභාගී වන රටවල චිත‍්‍රපට කලාව සහ සංස්කෘතීන් ප‍්‍රවර්ධනය කිරීමද සිදු කෙරේ.

මෙවර උළෙලට සහභාගි වූ රටවලට අයත් චිත‍්‍රපට 75 ක් භාෂා 45 කින් තිරගත කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment