දුවලාගේ අපල දුරුකර දෙන්නම් කියා ලක්‍ෂ 18කට විද්ද සාත්තර කියන තිදෙනා රිමාන්ඩ්

160

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම දියණියන් දෙදෙනාට එළැඹ ඇතැයි කියන මාරක අපල දුරුකිරීම සඳහා යාගහෝම කළ යුතු යැයි පවසා එම දියණියන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් ලක්‍ෂ 11ක මුදල් සහ ලක්‍ෂ 7කට අධික වටිනාකමින් යුතු රන් ආභරණ වංචා කළ බව කියන එකම පවුලේ අහිකුණ්ඨික ගෝත‍්‍රික ශාස්ත‍්‍රකරුවන් තිදෙනකු අපේ‍්‍රල් මස 6 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.

කොච්චිකඬේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් රිමාන්ඩ්භාරයට පත් කළ සැකකාර අහිකුන්ඨික ගෝත‍්‍රිකයන් වූයේ පුත්තලමේ පදිංචිකරුවන් වන එකම පවුලේ සහෝදර සහෝදරියන් වන සුබ‍්‍රමනියම් පුල්ලේ කුමාර, කන්දසාමි ඥානසුන්දරී සහ සූර්යකුමාරි සරස්වතී නමැත්තන්ය. කොච්චිකඬේ පොලිසිය පැමිණිල්ල ගොනුකර තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව කොච්චිකඬේ පොලිසියට කළ පැමිණිල්ල අනුව ඔවුන්ගේ ජංගම දුරකථන සිම්පතක් ඔස්සේ පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. කොච්චිකඬේ පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අපේ‍්‍රල් මස 6 වැනිදා පැවැත්වෙයි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment