එල්සැල්වදෝර් ජනපති මාෆියා කල්ලි ක්‍රියාකාරීන්ගේ සොහොන් කොත් විනාශ කිරීමට නියෝග කරයි

142

මාෆියා කල්ලි ක්‍රියාකාරීන්ගේ සොහොන් කොත් විනාශ කරන ලෙස එල්සැල්වදෝර් ජනපති නියෝග කර ඇත.

මෙම තීරණයට එරෙහිව මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය දක්වා තිබේ.

එම සොහොන් කොත්වල එම් එස් 13 සහ 18 වැනි විදි කල්ලිය ලෙස සඳහන් කර තිබූ බව ජනපති නයිඩ් බු කිලි ප්‍රකාශ කර ඇත. මාෆියා කල්ලිවල සංකේත සොහොන් කොත්වල කෙටීමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවැසීය. මේ වනවිට 56000 කට අධික මාෆියා කල්ලි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මාෆියා ක්‍රියාකාරීන්ගේ සොහොන් කොත් වැනසීමට සිරකරුවන් යොදවා තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment