කථානායකගේ අත්සන අභියෝගයට ලක්කළ සුමන්තිරන්ගේ පෙත්සම විසිවෙයි

134

මෙයට දින කීපයකට පෙර කථානායකවරයා විසින් මාර්ගගත ක්‍රමවේද සුරක්‍ෂිතතාවය පිළිබඳ පනත නීතියක් බවට පත් කරමින් අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (29දා) ප්‍රතික්ෂේප කරන ලදී.

එකී පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති බැවින් එවැනි පනතක් අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක් විභාග කිරීමේ නීතිමය බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බව පෙන්වාදෙමින් නීතිපති සංජේ රාජරත්නම් මහතා දැක්වූ මූලික විරෝධතා පිළිගත් ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල එම තීන්දුව ලබාදුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment