අස්වැසුම සභාපති ඉල්ලා අස්වෙයි – අස්වුණේ ඉහළ බලපෑම් නිසාද?

469

පුද්ගලික හේතු මත මේ තීරණය ගත්තා – බී. විජේරත්න කියයි

නව සභාපති ජයන්ත විජේරත්න

අස්වැසුම සුබ සාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටපුරා නොයෙකුත් විරෝධතා රැසක් ඇතිවූ අතර ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරෝධතා ඉදිරිපත් කර තිබිණි.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා බී. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව තහවුරු කළ අතර ඒ සඳහා අලුතින් පත් කරන සභාපතිවරයකු පිළිබඳ තවමත් තීරණයක් නොමැති බවද සඳහන් කළේය.

රජයේම ඉහළ මට්ටමින් ඉල්ලා අස්වන ලෙස එල්ල වූ බලපෑම් හමුවේ බී. විජේරත්න මහතා අස්වූ බවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් ඉල්ලා අස්වන ඒ මහතා වෙනත් තනතුරකට පත්කෙරෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජේරත්න මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේ සැබැවින්ම පුද්ගලික හේතු මත තමා මෙම තීරණය ගත් බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment