රෝහල්වල බෙහෙත් තොග සති දෙක තුනකට විතරයි

201
  • රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න

රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මතුව ඇති ඖෂධ සැපයුම නතර වීම නිසා මේ වන විට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින බෙහෙත් තොග ප‍්‍රමාණවත් වනුයේ සති 2-3 අතර කාලයකට බවත් පෞද්ගලික ඔසුසල්වල පවතින බෙහෙත් තොග ප‍්‍රමාණවත් වනුයේ සතියක පමණ කාලයකට බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

රජයේ රෝහල්වල වකුගඩු, පිළිකා හා තැලසීමියා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි අඩුවක් පවතින බවත් අදාළ රෝගවලින් පෙළෙන සෑම රෝගියකුටම සැපයීමට තරම් ප‍්‍රමාණවත් බෙහෙත් තොග මේ වන විටත් රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල නොපවතින බවත් තිලකරත්න මහතා කීවේය. ඒ අනුව ඉදිරියේදී ඖෂධ පෝලිමකුත් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි සති 2-3 කාලයෙන් පසු බෙහෙත් හිඟයක් රෝහල්වල ඇති වීම් වැළැක්වීමට නම් බෙහෙත් සමාගම් ඉල්ලා ඇති ආකාරයට රෝගීන් මත අනවශ්‍ය බරක් නොපැටවෙන ආකාරයෙන් බෙහෙත් මිල ගණන් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතු බවත් බෙහෙත් සඳහා පවතින පාලන මිල ක‍්‍රමය ඉවත් කළ යුතු වන බවත් බෙහෙත් මිල වැඩි කිරීමට අවසර ලබා දිය යුත්තේ සාධාරණ ප‍්‍රතිශතයකින් බවත් හෙතෙම සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ සහ අනුරාධපුරය – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment