ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියට ඉන්දික සහ ඩිලංක

99

ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ලබන 03 වැනිදා සිට 13 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියට ඉන්දික චතුරංග දිසානායක සහ ඩිලංක ඉසුරු කුමාර සුදුසුකම් ලබති.

මෙවර තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර ඒ සඳහා පුහුණුකරු ලෙස ආර්. බී. වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් වන ඉන්දික චතුරංග දිසානායක කිලෝග්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ ද ඩිලංක ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ ද මෙවර ආසියානු ශූරතා තරගාවලියට එක් වී සිටිති.

මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස මෙවර ආසියානු ශූරතාව යොදා ගැනේ. දකුණු කොරියාවේදී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ආසියාතික රටවල ප්‍රබලතම බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන අතර පුහුණුකරු ලෙස ආර්. බී. වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment