මන්කිපොක්ස් අසාදිතයකු මෙතෙක් නෑ : එන්නත් ගෙන්වීමත් අවශ්‍ය නෑ

85

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්

තවමත් මෙරටින් මන්කිපොක්ස් ආසාදිතයකු සොයා ගෙන නොතිබීම නිසා එම රෝගය වැළඳීමේ අවදානමක් ඇති කණ්ඩායම් සඳහා ලබා දීමට එන්නත් ගෙන්වීමේ අවශ්‍යතාවක් මතුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ වන විට විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් මන්කිපොක්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මන කර ඇති අතර එහිදී තමන්ට මන්කිපොක්ස් රෝගය වැළඳී ඇති බවට සැකයක් තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙසට ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් දැනුවත් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති පරීක්ෂණ කට්ටල යොදා ගනිමින් මන්කිපොක්ස් රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ අරඹා ඇති බව පවසන වෛද්‍ය හේමන්ත හේරත් මහතා තමන්ට එම රෝගය වැළඳී ඇති බවට සැකයක් පවතීනම් වහාම වෛද්‍යවරයකුගේ නිර්දේශයක් හරහා අදාළ පරීක්ෂණය සිදු කරගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment