වසර 13ක් සැඟවී සිටි කොළඹ කොටි බෝම්බකරු  අබුඩාබි පොලිස් දැලේ

244

වසර 13ක් තිස්සේ සැඟවී සිටි කොළඹ ප්‍රධානතම කොටි බෝම්බකරු රාසනායගම් තවතේසන් අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ බෝම්බ පිපිරීම් 6ක් මෙහෙයවා ඇත්තේ මොහු බව හෙළිවී ඇති අතර ජාත්‍යන්තර පොලිසියද මොහුට එරෙහිව වරෙන්තුවක් ප්‍රකාශයට පත්කර තිබූ බව අනාවරණය විය.

රාසනායගම් තවතේසන්ව ශ්‍රී ලංකාවට පිටුවහල්කර තිබේ. තවතේසන්ට බෝම්බ පිපිරවීම් සඳහා උපදෙස් දුන් මොරිස් නමැති කොටි බුද්ධි අංශ නායකයා ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ රඳවා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment