යුද අපරාධ චෝදනා ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ගැන බ්‍රි‍තාන්‍යයෙන් විමර්ශනයක්

352

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් පිළිබඳව බ්‍රි‍තාන්‍ය රජය විමර්ශනය කරන බව පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ ඇමැති ජෙසි නෝර්ටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර ඇත.

ලේබර් පක්ෂ මන්ත්‍රිනි මෙත් වින්ටර් ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ගැන නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පවසා තිබේ.

මාණ්ඩලික හමුදා ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්නේ නැත්තේ මන්දැයි ඇය නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමට ඇමැතිවරයා එලෙස පවසා ඇත.

බ්‍රිතාන්‍ය රජය යුද අපරාධ චෝදනා එල්ලවූවන්ට සම්බාධක පැනවීමට මැග්නිම්ස්නි නමින් පනතක් සම්මත කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment