ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමග පේරාදෙණිය සරසවිය පෙරමුණට ගේනවා – ශත සංවත්සරික සංවර්ධන සැලැස්ම ගැන උපකුලපති කියයි

68

ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණට ගෙන එන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි.

මේ දක්වා සිදුකරන අධ්‍යාපන, පර්යේෂණ හා සමාජ මෙහෙවර තවදුරටත් ගුණාත්මක හා ප්‍රමාණත්මක වශයෙන් ඉහළ නැංවීම එහි එක් ඉලක්කයක් යැයි ද ඒ මහතා කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරික සංවර්ධන සැලැස්ම පිළිබඳව මාධ්‍ය හමුවක් සනාථන මන්දිරයේදී ඉකුත් 16දා පැවැති අතර එහිදී උපකුලපතිවරයා මේ බව සඳහන් කළේය.

2024 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වර්ෂ සියය සම්පූර්ණ වන බව කී ඒ මහතා ඒ වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කොට ඇතැයි ද කීවේය. එහි සංවර්ධන සැලැස්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව මගින් රජයට ලබාදුන් බව සඳහන් කළ උපකුලපතිවරයා, අන්තර් ජාතික සහයෝගිතාව ඉහළ නැංවීම, විදේශීය සිසුන් වැඩි පිරිසක් සඳහා උපාධි හා පශ්චාත් උපාධි අවස්ථා ලබාදීම, විදේශීය සිසුන් සඳහා ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබාදීම, රජයේ මුදල් භාවිතයෙන් තොරව වෙනත් මූල්‍ය ප්‍රවාහයන් තුළින් සිදුකරන පර්යේෂණ අවස්ථා ඉහළ නැංවීම ඇතුළු ඉලක්ක රැසක් ඉදිරි වර්ෂ 25 තුළදී සපුරාලීම එහිදී සිදුවන බව පැවසීය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment