වසර දෙකක් තිස්සේ සෘජු විදේශ ආයෝජන කිසිවක් රටට ලැබී නෑ – එස්. එම්. මරික්කාර් (සජබ)

28

රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බවත් එසේ වුවහොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙන බවත් වසර දෙකකින් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (18 දා) පැවැතිමාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය පිළිබඳව රජය විවිධ කතා කියනවා. ඒ අතර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණියා කියලත් රජය කියනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය තවම ප්‍රමාදයි. ඒ වගේම ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාතයන් අඩු කරන්න එකඟවෙලා රජයට කොන්දේසි කිහිපයක් පනවලා තිබෙනවා. දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිලිගත් වේගවත් යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න කියලා කොන්දේසියක් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් විසින් පනවලා තිබෙනවා. කෙසේ නමුත් මේ කොන්දේසිවලට ආණ්ඩුව එකඟනොවුන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ඇතුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වනවිට ප්‍රමාද වලා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment