විවාහ ප්‍රමාද වූවන්ට මංගල වැසි වස්සන රාම සීතා ප්‍රේමයෙන් මන්මත්කළ ශ්‍රීමත් හනුමාන් වශී අඳුන් රාජයා

174

මානව ලෝකයේ පැවැත්මට අවශ්‍ය දෙය විවාහයයි. ස්ත්‍රී පුරුෂයන්ගේ එක්වීමද විවාහය වේ. මිනිස් සංහතියේ පැවැත්ම රඳා පවතින්නේ විවාහය මතය. ආදි මලේච්ඡ මිනිසා ශිෂ්ටාචාරයට පිවිසීමට පෙර විවාහ වීමක් පැවතුනේ නැත. සමූහ වශයෙන් ඒකරාශි වී කල්ගෙවූ ඔවුන් තුළ විවාහයක් නොවීය. සමූහයේ සියලුම ස්ත්‍රීන්ගේ සම්භෝග රසය විඳීම නායකයාට පමණක් සීමාවී තිබිණි. මිනිසා යහපත් සිරිත් විරිත් පිළිපැදීමට පටන් ගත් පසු සමාන රතිසුවය විඳීම ශිෂ්ටාචාර ලෝකයේ හොඳයැයි සම්මත විය. ඉන් ඇතිවූ එක්වීම අද මානව සමාජයේ “විවාහය” නමින් හැදින්වේ. එය මිනිසාගේ දෙවන උපත යනුවෙන් පැරැන්නෝ පවසති.

යුගදිවියට එළැඹීමට ස්වභාවයෙන්ම පුරුෂයන්ට වඩා ස්ත්‍රීහු වැඩි උනන්දුවක් දක්වති. එසේ වුවද නාඹර වියේ සුන්දර ලක්‍ෂණ, රූමත්, ධනවත්, උසස් රජයේ හෝ වෙනත් රැකියාවක් කළත්, යාන වාහන, මහා ව්‍යාපාර ඇතත් දිගු කලක් විවාහ වීමට නොහැකිව ප්‍රමාද වීමෙන් මහත් දුකෙන් කල් ගෙවන අය ද බොහෝ සිටින බව පෙනේ.

මේ විවාහ ප්‍රමාදයන් මහා භාරතීය ඉන්දියාවේ රජ පවුල්වල ද, මහරාජාවරුන්ගේ ද, අප රටේ විසූ පෙර රජවරුන්ගේ ද, මහා අධිකාරම්වරුන්ගේ ද, අමාත්‍ය ප්‍රභූවරුන්ගේ ද ධනපතියන්ගේ ද, වර්තමානයේ අප රටේ සිටින බොහෝ අය අතර ද ඇති බව රහසක් නොවේ.

මෙයට වැදගත් හේතූන් දෙකක් බලපායි. එකක් පෙර ආත්මයේ කුසලාකුසල කර්ම ද, දෙවැන්න ජන්ම කේන්ද්‍රයේ පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා ඇති හත්වැනි භාවයෙන් ද ඉතා මනාව දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට පැහැදිලිව කීමට පුළුවන. ඊට පසු එම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් නිරීක්‍ෂණය කර විවාහ ප්‍රමාද ඇති ස්ත්‍රී පුරුෂයන්ට විවාහ ප්‍රමාද දුරලා ඉක්මන් විවාහයක් ඇතිවීමට භාරත ඉන්දියාවේ විසූ මන්ත්‍රවේදීන්ගේ කෙම් ක්‍රම සහිත පූජා විධි පවත්වා මහා ගුප්ත බලයෙන් සැකසූ යන්ත්‍ර, අඳුන්, පළඳවාලීමෙන් පසු යහපත් යුගදිවියක් ඇතිකරලීමට සමත්ව ඇත.

එවැනි විවාහ ප්‍රමාද ස්ත්‍රී පුරුෂ ඔබටත් ඇත්නම් ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කර කේන්ද්‍රයේ හිස් කොටු ඇති ගණනට හිල් පොල්කටු ගෙන අඟුරුකර වරකා කොස් කොළ ද එම ගණනට ගෙන ඒවා එකට තබා

ගොටුගසා විවාහ ප්‍රමාද අයගේ හිසකෙස්, කුණුකෙළ, ඇඳිවත නූල්, නියපොතු යන පංච මලපහ හා ලුණු කැට, අබ ඇට, කපු ඇට, මිරිස් කරල් 3 ක්, ගම්මිරිස් ඇට සමඟ සියල්ල මිශ්‍රකර අඟුරු කබලට පස් පැඟිරි දර හා තමාගේ නැකතට ගැළපෙන වෘක්‍ෂයේ දර හා කොළ මුසුකර, කාමරයක් තුළට ගාස් අඟුරු කබල බිම තබා ඉහත කී සියල්ලම කබලට දමා හිස් කොටු ගාණට බස්නාහිර දිශාව බලා නිරුවතින් උඩින් පැන නැඟෙනහිර දිශාව බලා තමාගේ ලග්නයට ඇති වාසනාවන්ත පාටින් යුත් අලුත් ඇඳුමක් ඇඳ ගිනිකබල ගෙන පෑල දොරෙන් එළියට ගොස් ගලායන දියකට දමන්න. ඉන්පසු හිස සිට දෙපතුල දක්වා ඇති සියලු දෝෂ භංග වන බවත්, නයෙක් සැව ඇරියා සේ අලුතින් ඉපදීමක් ඇතිවන බවත් ඍෂිවරු කියා ඇත.

ඉන්පසු පුර පක්‍ෂයේ කිවි දිනෙක කිවි හෝරාව තුළ මෙම භාරතීය ශ්‍රීමත් හනුමාන් වශී අඳුන්රාජයා පළඳවා ඔබේ විවාහ ප්‍රමාදය ඉක්මන් කර ගැනීමට උපකාරී වන බව ගුප්ත විද්‍යාවේ කියා ඇත.

මෙම යන්ත්‍රය සකසන විට මල් යහනාව තනා මල් වර්ග 9 ක්, පලතුරු 9 ක්, පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක් ඇස්ස ගසා, පහන් 3 ක් ඊශ්වර, ශිව, පාර්වතී වෙනුවෙන් දල්වා, මඟුල්කරඳ, බැමිකීරිය, කුංකුමප්පු, මනෝසීල, හිරියල්, කස්තුරි, ගෝරෝචන, ත්‍රයිලෝක විජයපත්‍ර, දුටුසතුටු, යවඇට, සාදිලිංගම්, අබිං, එළකටරොළු මුල්, ඇට, නෙළුම් මල්, කැකිරි මල්, තුංබෝ, අත්තන මල්, හඳුන් තෙල් වලින් අඹරා අඳුන්ගුලිය යහනේ තබා මෙම මන්ත්‍රයෙන් 324 වාරයක් ජපකර සුරයක් තුළට හෝ ස්ත්‍රීන් නම් ඇතුළත ගැබ සිටින සේ සැකසූ පෙන්ඩනයකට, අඳුන ඇතුළට දමා පුර පක්‍ෂයේ කිවි දිනෙක ශුභ නැකතින් පළඳවා ගන්න.

මන්තරය:-

ඕං නමෝ හනුමතෝ හනුමතේ ප්‍රකට පරාක්‍රම ආක්‍රාන්ත දින් මණ්ඩලය සො විතානධවලී කෘත ජගත් ත්‍රීතය වජ්රදෙහජ්වල දග්නි සුයරයකොටි සම ප්‍රහතනුරුහ රුදාවතාර ලක්නාපූරි දහනොදයි ලන්ගත දශග්‍රව ශිරඃ කෘතාන්තක සීතාශ්වසත වායු සුතාඤ්ඤජනා ගර්භ සන්භූත ශ්‍රී රාම ලක්‍ෂමණානන්ද කර කපි සෛත්‍යප්‍රාකාර සුග්‍රව සව්‍ය කාරණ නිබර්හන කාරණ ද්‍රොණ පටිතොත් පාට නාශොක වන විදාරණා ක්‍ෂකුමාරක විවේදන වත රක්‍ෂාකර සමූහ විහන්ජන බ්‍රහ්මාස්ත්‍රබ්‍රහ්ම ශක්ති ග්‍රසත ලක්‍ෂමණා ශක්තිභේද නීවාරණ විශ්ල්‍යෙෂධි සමානයත බාලො දිත භාණු මණඩල ග්‍රසන මේඝනාද හොම විද්වන්සන ඉන්ද්‍රජිත් වධකාරණ සීතා රක්‍ෂක රාක්‍ෂසී සන්විධාරණ කුම්භකර්නාධිව පරායන ශ්‍රී රාම භක්ති තත්පර සමිදාව්‍යොමද්‍රැම ලත්සඝන මහා සමාථ්‍ය මහා තෙජ පුන්ජි විරාජමාන ස්වාමි වවත් සම්පාරිතාර්ජුන සම්යුග සහය කුමාර බ්‍රහ්මචාරීන් ගාම්භීර ශබ්දොදය දක්ශණාශා මර්තන්ඩ මේරුපටි පිධිකාර්වන සකල මන්ත ගමාචාර්ය මම සර්ව ග්‍රහ විනාශන සර්ව ජීවරොවුචාටන සර්වා විෂාවාසන සර්වාපත්තිහි වාරණ සර්ව දුෂ්ඨ නිර්බහන සර්ව ව්‍යාග්‍රාධි භය නිවාරන සර්වශත්‍රැ විවේදන මම පරස්‍යව ත්‍රිභුවන පුංස්ත්‍ර නපුංසකාතම සර්වජීව (අදාළ අයගේ නම) ජාතවංශය මමාඥාකාරකං සම්පාදය සංපාදායනානා නාමධෙයාන් සර්වන් රාඥං සපිරිවරාන් (නැකත) සෙවකානං කුරු කුරු සර්වශාස්ත්‍ර විෂාණි විධවංශය විධවංශය හ්‍රාං හ්‍රීං භ්‍රන් භ්‍රාන් එහ්‍යෙහී හ සෞ හසඕප්‍රේන් හසෞන් ඔඑර්ඒන් භෞන්සර්ව ශත්‍රැනහන පරලානී පරස්‍යෙනානි කේෂාභය කේෂාභය මෙ සර්වන් කාර්යයතන් සාධය සාධය සිවදුෂ්ඨ දුර්ජන මුඛානීකීලය ඝෙ ඝෙ ඝෙ හා හා හා හූන් හූන් හූන් එට් එට් එට්ස්වාඃ

ඉතා අනුවේදනීය ප්‍රේම කථාවක් වූ රාම, සීතා පෙම් බැඳුමටත් රාම රාවණා යුද්ධයෙන් ජය ලබාගැනීම සඳහාත් හනුමාන්තා බොහෝ උදව් උපකාර කළ අයකු නිසා මහා භාරතීය රාමායන කථා පුවතේදී හනුමන්තාට ලැබී ඇත්තේ අද්විතීය සුවිශේෂී තැනකි.

එබැවින් ඔබගේ විවාහ ප්‍රමාදය වළක්වා ඉක්මන් විවාහයක් සිදුවී යහපත් යුගදිවියකට පා තැබීමට මේ ශ්‍රීමත් හනුමාන් වශී අඳුන්රාජයා සත්‍යපල ලබාදී විවාහ ප්‍රමාද අයට මංගල වැසි වසින බව ඒකාන්තයි.

විශේෂයෙන් කලුකුමාර දෝෂය, මල්වරවීමේදී ඇතිවූ තනිකම් දෝෂයට, මල් කඩවර බැල්මට හා දෝෂයට හනුමා වශී යන්ත්‍රය ඉණ පැළඳීම කළ යුතුයි.

විවාහ ප්‍රමාද වූවන්ට මංගල වැසි වස්සන රාම සීතා ප්‍රේමයෙන් මන්මත්කළ ශ්‍රීමත් හනුමාන් වශී අඳුන් රාජයා

ඉඳුවර ගෞරව සම්මානනීය
ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්තවිද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක, සාමවිනිසුරු දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල 0770730062.

advertistmentadvertistment
advertistmentadvertistment