ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රනිල් මියගොස් ඒකාධිපති රනිල් බිහිවෙලා

102
  • එස්.එම්. මරික්කාර් (සජබ)

රටටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරදුන් රනිල් වික්‍රමසිංහ මේ වනවිට මිය ගොස් ඒකාධිපති රනිල් කෙනෙක් බිහි වී සිටිනවා යැයි සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. එම ප්‍රධාන කාර්යාලයේ දී (16දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වර්තමාන ආණ්ඩුව අසාධාරණ බදු ක්‍රමයක් ගෙනල්ලා වෘත්තිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අනුව ඔවුන්ගේ ඉල්ලීම් වැඩවර්ජනය කර ඉල්ලන කොට ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරලා කිව්වා අච්චර බස් දුවනවා මෙච්චර කෝච්චි දුවනවා කියලා. බැංකු ඇරලා තියෙනවා කියලා. ඒක හරියට ඩොලර් 1 බහිනකොට හැමදාම නිවුස් ගැහුවා හැබැයි ඩොලර් 1 නගිනකොට නිවුස් නැහැ. ඒත් රෝහල් වැඩ කරේ නැහැ. ඒක ගැන නිවුස් නැහැ. ජනාධිපති මාධ්‍ය අංශයට. මේක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රමය අපිත් එක්ක තමයි එතුමා මීඩියා කළේ, ඒ නිසා අපි දන්නවා.

ආණ්ඩුවට අපි කියන්න කැමතියි මේක පබ්ලිසිටි යුද්ධයක් නෙමෙයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්න. වෘත්තිකයන්ගේ සැබෑ ඉල්ලීම් තේරුම් ගන්න. අපි විපක්ෂයක් විදියට ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා යම්කිසි බදු ප්‍රමාණයක් වැඩි කළ යුතුයි කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආයතන බින්දුවටම ඇදලා දැම්මේ බදු කප්පාදු කරලා බදු සහන ගජ මිතුරන්ට දුන්න නිසා. පුරවැසියන් බදු ගෙවිය යුතුයි. ඒ ගැන ප්‍රශ්නයක් නෑ හැබැයි බදු දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ නිසා ආණ්ඩුවෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් 2019 මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කරපු බදු ප්‍රතිශතය ගේන්න. එදා ඒකට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කෙළෙව්වේ මංගල ගෙනාපු ප්‍රමාණය බිංදුවට බස්සලා. ඒ නිසා ඒ ප්‍රමාණයට ගෙනාවාම කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒ නිසා මර්දනයෙන්, චණ්ඩි පාට් එකෙන් විතරක් මේක කරන්න බැහැ. 1983 ජේ. ආර්. ජයවර්ධන මහත්තයා කරපු දේ අදට වලංගු නෑ. මොකද දැන් අවුරුදු හතළිහක් ගිහිල්ලා තියෙන්නෙ. ඒ කාලෙට වැඩිය අද තාක්ෂණය දියුණුයි. ලෝකය දියුණුයි. ක්‍රම සහ විධි වෙනස් වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජේආර් ජයවර්ධන මහත්තයා ආරූඪ කර ගන්න හැදුවොත් හරියන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මේවට ඇහුම්කන් දෙන්න. ඒවට විසඳුම් ලබා දෙන්න. එහෙම නැතුව වර්ජනය කරන අය රට අරාජික කරනවා කියලා ඒ මිනිස්සුන්ට මඩ ලේබල් ගහලා මේක කරන්න බැහැ.

වනජීවීවලට අපි ඇවිත් තියෙනවද එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ වෙළදපොළට ඇවිත් තිබෙනවා ද ? අපේ අල්ලපු රට ඉන්දියාව අවුරුද්දකට ඩොලර් බිලියන එකසිය තිහක් තොරතුරු තාක්ෂණ ව්‍යාපාරවලින් හොයනවා. ඒකට සමානයි සෞදි අරාබියාව අවුරුද්දකට සම්පූර්ණම තෙල්වලින් හොයන ගාන. එතකොට ඒ වෙළෙඳ පොළට අපි ගිහින් තියෙනවද? ජනාධිපතිතුමාගේ අයවැය පට්ටපල් බොරුවක් කළේ. තාක්ෂණය දියුණු කරන්න මිලියන 50යි බජට් එකෙන් දැම්මෙ. ඒකෙන් කොම්පියුටර් කීයක් ගන්න පුළුවන්ද? ඒ නිසා අපි පැහැදිලිව ජනාධිපතිතුමාට කියන්න කැමතියි වික්ක්‍රමසිංහ වෙලා වැඩක් නැහැ.

බදු ගැහුවා, බිල් ගැහුවා, ජනතාවගේ රීරි මාංශ උරා බිව්වා. ඊළඟට ලෑස්ති වෙනවා ලාභ ලබන ආයතන විකුණන්න. ශ්‍රී ලංකන් එයාර් ලයින් එක විකුණනවා නම් ප්‍රතිපත්ති මේ වශයෙන් අපට එකඟ වෙන්න පුළුවන්. පාඩු ලබන නිසා ඇයි ලාභ ලබන කේටරින් එක විකුණන්න හදන්නේ. ඇයි ලාභ ලබන එකෙක් විකුණන්න හදන්නේ. ටෙලිකොම් එක ලාබ ලබනවා. ඉන්ෂුවරන්ස් එක ලාභ ලබනවා.

අලුත් ආදායම් මාර්ග හදන ක්‍රමවේද වලට අපි යන්න ඕන. ඒ නිසා ජනාධිපතිතුමාට ඕක තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්න අපි කියලා දෙන්නම්.

ඒ දවස් වල විමල් වීරවංශලා හන්දි හන්දි ගානේ ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා අහගෙන යද්දි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම මොකක්ද කියලා තේරුම් කර දුන්නේ රනිල්. නමුත් කණගාටුව ප්‍රජාතන්ත්‍රවාදයක් තේරුම් කරලා දුන්නු රනිල් වික්‍රමසිංහ ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මිය ගිහිල්ලා ඒකාධිපති රනින් කෙනෙක් බිහි වෙලා ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දේශනා කරපු කෙනා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment