හමුදාවෙන් යන්න පොදු සමා කාලයක්

65

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අප්‍රේල් 20දා සිට මැයි 20දා දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම පොදු සමාකාලයේදී සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයන් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙන අතර යම් පුද්ගලයකුගෙන් කිසියම් මුදලක් හමුදාවට අයවිය යුතුව තිබේ නම් එම මුදල අයකර ගැනීම ද මෙහිදී සිදු කෙරේ.

මෙම සමාකාලය අප්‍රේල් 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වේ. මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ද ඔවුන්ගේ අදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමාකාලයේදී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ද අවස්ථාව සලසා දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment