විමල් යළිත් අසනීපෙන් – නඩුව කල්යයි

136

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී වැටුපෙන් හා අනෙක් ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 08 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (27 දා) නියම කළේය.

විත්තිකාර විමල් වීරවංශ මහතා ඊයේ (27 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඊළඟ නඩු දිනයේදි අධිකරණය විත්තිකරුගේ

අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment