රිනවුන් – කොළඹ සිටි – වික්ටරි පාපන්දු කණ්ඩායම්වලට ජයග්‍රහණ

45

යූසුෆ් කුසලාන 19න් පහළ පාපන්දු තරගාවලිය

‘යූසුෆ් කුසලාන’ 19න් පහළ පාපන්දු තරගාවලියේ මෙවර පැවති පළමු තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට රිනවුන්, කොළඹ සිටි හා වික්ටරි පාපන්දු කණ්ඩායම් සමත් වූයේය.

රිනවුන් ක්‍රීඩා සමාජය ගෝල 3-0 කින් කොල්ලුපිටිය යුනයිටඩ් පරාජය කළ අතර, කොළඹ සිටි පාපන්දු සමාජය ගෝල් 3-0කින් යංග් සිල්වර් පිල පරාජය කළේය. වික්ටරි ක්‍රීඩා සමාජය ගෝල් 1-0කින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය කළේය.

කොළඹ සිටි පාපන්දු පිටියේදී පසුගිය සති අන්තයේ මෙම තරග පැවැති අතර, සෝන්ඩර්ස් – බ්ලැක්ස්ක්වෙයාර් අතර තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.

යොවුන් පාපන්දු ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අරමුණින් සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් මෙම තරගාවලිය සංචිධානය කරයි.

සති අන්තයේ සෑම දිනකම තරග දෙකක් පැවැත්වෙන අතර, ඒවා පස්වරු 2.30ට හා පස්වරු 4ට ආරම්භ කෙරේ. සෝන්ඩර්ස්, බ්ලැක්ස්ක්වෙයාර්, කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, කොල්ලුපිටිය යුනයිටඩ්, ජාවාලේන්, වැල්ලවත්ත යංග් සිල්වර්, කොළඹ සිටි පාපන්දු සමාජය, මාලිගාවත්ත යූත්, කොම්පඤ්ඤවීදිය වික්ටරි, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා වැල්ලවත්ත කුරේ යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියි.

රිනවුන් ක්‍රීඩා සමාජය හා කොල්ලුපිටිය යුනයිටඩ් අතර පැවැති තරගයේ අවස්ථාවක්.

advertistmentadvertistment
advertistmentadvertistment