ලැමිචනේ වරදකරු වෙයි

425

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලැමිචනේ ඔහුට එරෙහිව එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වී ඇත.

2022 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර හෝටලයකදී දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ ඔහු ඇප මත නිදහස් වී පැමිණ නැවත නේපාලය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

අවසන් වරට ඔහු පසුගිය නොවැම්බර් මාසයේදී ඕමාන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළේය.

නේපාලය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 103 කට ලැමිචනේ ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ දඬුවම මීළඟ නඩු විභාගයේදී තීරණය කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment