ගුණයෙන් වැඩි මිලෙන් අඩු ආහාර පාන

3951

උදේට කෑවාම දවල්ට කන්නේ කොහොම ද කියා සිතා ගන්නට බැරි තරමේ ආර්ථික දුෂ්කරතාවයනට ජනතාව මේ වනවිට මුහුණ දී සිටිති. හාල්, එළවළු, මාළු, බිත්තර මිල දරාගත නොහැකිව ඉහළ ගොසිනි. එනිසා බොහෝ දෙනා මෙම ආහාර ගැනීම සීමා කර ඇත. මෙම තත්ත්වය මත නිරෝගීව ජීවත් වීමට අඩු වියදමකින් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කර ගැනීම සම්බන්ධව යම් දැනුවත් බවක් ලබා තිබීම අප කොයි කාටත් ප්‍රයෝජනවත් ය.

මෑත කාලයේදී ජනතාව නිතර නිතර ලෙඩ වීමට පටන් ගෙන ඇත. අඩු වයසින් මිය යන පිරිස වැඩි වී තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ අප ගනු ලබන ආහාරපානය.

මෙහි ඇති බරපතළම කාරණය වන්නේ මේ සඳහා බලපා ඇත්තේ පෝෂ්‍ය ගුණයෙන් ඉහළ යැයි සිතා වැඩි මිලට ගත් ආහාරපාන වීමය.

ගුණයෙන් වැඩි මිලෙන් අඩු ආහාර පාන

අප පානය කරන ජලයේ සිට මෙම තත්ත්වය බලපා ඇත. බොහෝ දෙනා පහසුවට යැයි සිතා බෝතල් කළ ජලය පානය කරති. මෙම බොහෝ ජල බෝතල් හි ප්‍රමිතිය ගැන විශ්වාසයක් නැත. එනිසා හැකි සෑම මොහොතකම උණුකර නිවා ගත් පිරිසිදු ජලය පානයට යොමුවිය යුතුය.

අපගේ ජීවන රටාවට ඉතා ගුණදායී ආහාර ලෙස කුරික්‍ඳ්ක්‍ඳංකොළ, තෙබුකොළ, මොනරකුඩුම්බිය හඳුනාගෙන ඇත. එනිසා රට එළවළු වෙනුවට ආහාර වේලවට මෙවැනි කොළ වර්ග රසවත්ව මැල්ලුමක් ලෙස සකස් කරගත හැකිය.

මෙම කොළ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීමේ දුර්වලතා, කන් ඇසීමේ දුර්වලතා නැතිවේ. සිරුරේ ගෙවී ගිය කොටස් නැවත වර්ධනය වේ. එනිසා කොළ වර්ග නිතර ආහාරයට ගැනීම ඉතා ගුණදායක ය.

මුං ඇට, කවුපි, රුලං, කිතුල් පිටි, තණහාල්, සව්, බාර්ලි ආදිය ආහාර ලෙස සකස් කරගෙන හෝ කැඳ වර්ග ලෙස සාදාගෙන ආහාරයට ගැනීම ද සිරුරට ගුණදායක ය.

හාතාවාරිය කැඳ සහ අල ආහාරයට ගැනීම ගැබිනි මවුවරුනට ඉතා ගුණදායක ය. විශේෂයෙන් ම හාතාවාරිය අල ආහාරයටට ගැනීම සුදුසු ය.

අලකොළ, මීතෙල්, තල තෙල් හෝ පිරිසිදු පොල්තෙල් දමා තුනපහ මිශ්‍රකර ආහාරයක් ලෙස සකස් කර ගත හැකිය.

කවුපි, කඩල, මුංඇට, ආදී ඇට වර්ග කබලේ රත්කර කුඩුකර ගැනීමෙන් කිරිපිටි වෙනුවට පානය කළ හැකිය. එසේත් නැත්නම් කැඳ ලෙස සාදාගත හැකිය.

බත් වෙනුවට ඇට වර්ග, කෙල්, කොස් වැනි ගෙඩි වර්ග ආහාරයට එක්කරගත හැකිය. එනිසා තුන් වේලට ම බත් ආහාරයට ගැනීම අවශ්‍ය නැත.

බත් අඩුවෙන් එළවළු, පලා වර්ග වැඩිපුර ගැනීම කළ යුතුය. එවිට සිරුර මහත්වීම ද පාලනය කරගත හැකිය.

ගස් නිවිති යනු යකඩ පෝෂණයෙන් සපිරි ආහාරයකි. එය රසවත් ව සකස් කර ආහාරයට එක්කරගත හැකිය.

වම්බටු, තිබ්බටු, තලනබටු, කෙසෙල් මුව, කෙසෙක් බඩ ආදිය ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝග, මළ බද්දය ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ඇති වේ.

සුදුලූනූ, මිරිස්, කරපිංචා ආදිය යොදා නිවැරදිව සාදාගත් සම්බෝලය පෝෂණයෙන් සම්පූර්ණය.

නෙළුම් අල, කහ, ලුණු මිශ්‍රකර ජලයේ තම්බා ගෙන ඉන් පසු සිහින්ව කපා තුනපහ මිශ්‍රකර ආහාරයට ගැනීම ගුණදායක ය.

මිරිස්, සූදුරු, කොත්තමල්ලි, පොල්කිරි මිශ්‍රකර සාදා ගන්නා තැම්බුම් හොද්ද, ආහාර මාර්ගයේ ජීර්ණ ගැටලු සුව කරන අතරම ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ.

තැඹිලි ගෙඩියේ කහකඩ හොඳින් සකස් කර වෑංජනයක් ලෙස ආහාරයට ගතහැකිය.

මෙමගින් මුත්‍රා අමාරු සුව වේ. රුධිරයේ සීනි පාලනය කරගත හැකි ය.

කෙසෙල් බොඩ නිතර ආහාරයට ගැනීම මගින් රුධිර පීඩනය ඉහළ යෑම පාලනය කර ගැනීමට උපකාරී වේ.

ඇතැම් දෙනාට මෙම ආහාර වර්ග නුහුරු බවක් ඇති විය හැකිය. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මේවා ඉතා ගුණදායී ආහාර ලෙස හඳුන්වා ඇත.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 011250121 ඇමැතිය හැකිය.

ගුණයෙන් වැඩි මිලෙන් අඩු ආහාර පාන

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment