ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී රුවන් එස්. ලියනගේ වැඩ භාරගනී

108

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු රුවන් එස්. ලියනගේ මහතා ඊයේ ( 21 වැනිදා ) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය.

ඔහු එම මණ්ඩලයේ 16 වැනි සාමාන්‍යාධිකාරීවරයා වේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වේ. එසේම ඒ මහතා යුනෙස්කෝ IHE DELFT විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් විද්‍යාපති උපාධිය ද හිමිකර ගෙන තිබේ. ඉංජිනේරු රුවන් එස්. ලියනගේ මහතා සාමාන්‍යධිකාරී තනතුරට පත්වීමට ප්‍රථම අතිරේක සාමාන්‍යාධිකාරී (ජල සම්පාදන ව්‍යාපෘති ) කටයුතු කරනු ලැබීය. ඒ මහතා වැඩ භාරගත් අවස්ථාව සඳහා ඒ මහතාගේ බිරිඳ වන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නාලිකා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ද මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ඇතුළු ඉහළ නිලධාරීහු ද එක් වූහ.

ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී රුවන් එස්. ලියනගේ වැඩ භාරගනී

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment