ඩිල්ශාන් සහ වනිඳු මුම්බායි සහ හයිද්‍රාබාද් පිලට

205

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුෂංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුත් දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනුත් ඊයේ (19 වැනිදා) පැවති අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී 2024 තරග වාරය සඳහා මිලදී ගන්නා ලදි.

ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මිලදී ගත් අතර ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 18 ක් පමණ වේ.

වනිඳුව හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 1.5 ක් වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.8 කට ආසන්න වටිනාකමක් වේ.

රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේ ඩිල්ශාන් වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර ඔහුව මිලදී ගැනීම සඳහා පළමුව ලංසු ඉදිරිපත් කළේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. අවසානයේ මහේල ජයවර්ධන සාමාජිකත්වය දරන මුම්බායි කළමනාකාරීත්වය විසින් ඩිල්ශාන් මිල දී ගැනිණි.

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ද ඩොලර් 92,000 ක ඉහළම මිලකට අලෙවි වූයේ ඩිල්ශාන් මදුෂංකයි.

වනිඳු හසරංග මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ කෝටි 1.5 මූලික මිලටම අලෙවි විය.

ඩිල්ශාන් සහ වනිඳුට අමතරව කුසල් මෙන්ඩිස් ද වෙන්දේසියට ඉදිරිපත් කළද ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැත.

ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර තිබූ අනෙක් ක්‍රීඩකයන් වෙන්දේසි සඳහා ඉදිරිපත් කෙරුණේ නැත.

ඩුබායි හි දී මෙවර අයිපීඑල් වෙන්දේසිය පැවැත්වුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment