ග්‍රහදෝෂවලට පිළියම්

86

ලෝකයේ සියලුම දේ ඇතිවන්නේ ද නැතිවන්නේ ද මේ විශ්වය ඇතුළත බවත් ඇතිවූ හැම දෙයක්ම පැවති නැතිවී යනවා, කිව්වට කිසිදෙයක් නැතිවී යන්නෙ නැහැ. ඒ හැම දෙයක්ම ප්‍රාණි අප්‍රාණි ලෙසින් මේ විශ්වය තුළම කොහේ හෝ රැඳී පවතිනවා. අද දවසේ මට අවශ්‍ය දෙයට හෙට දවසේ දී අනවශ්‍ය වෙනවා. ඒ වගේම මට අනවශ්‍ය දේ තව කෙනෙකුට අවශ්‍ය වනවා. මේ පොදු ධර්මතාවයක්. උදාහරණයක් වශයෙන් ඔබෙන් පිටවූ ඔබේ කටහඬ මේ විශ්වය තුළ කොතැනක හෝ පවතිනවා. එය ලබාගැනීමට අවශ්‍ය නම් කළ හැකියි. ඔය හඬ පටවල තිබෙන්නේ විශ්වයේ ඇති ඒ හඬ ගැනීමට යන වියදම හා මහන්සිය ලබාගන්නා ප්‍රයෝජනයට වඩා වැඩි නිසා එය කරන්නෙ නැහැ.

අපේ ජීවිතය හැදිලා තිබෙන්නෙ ධාතු – ජීව මුලවලින් ආපෝ – තේජෝ – වායෝ – පඨවි එකතු වෙලා. ගැඹුරු අභිධර්මයේ සඳහන් වන්නෙත් ඒකමයි. මිනිහා කියල කෙනෙක් නැහැ. ඕනෑම දෙයක් කෑලිවලට වෙන්කළා ම කිසිදෙයක් නැහැ.

ජීවියා උපදින කොට නැඟෙනහිර ස්තිජයෙන් උදාවන රාශිය ලග්නයයි. ඒ ලග්න රාශියේ පරතරය 3600යි. ඒ ලග්න රාශිය වටේ තව රාශීන් 12ක් තිබෙනවා. ඒ එකක පරතරය 300 යි. මේ එක රාශියක් 9 යෙන් බෙදපුවා ම නවාංශකය ලැබෙනවා. මේ දෙවර්ගය ගණිතමය ක්‍රමයකට දාලා එන ප්‍රතිඵලය ජ්‍යොතිෂ පලාඵල කියනව කියන්නේ. මේ එක එක ග්‍රහලෝකවලින් පරාවර්තනය වන කිරණ කලක දී යහපත් ලෙසත්, වරෙක අයහපත් ලෙසත් තම ජීවිතයට බලපානවා. ඒ සිදුවීම වන්නෙ තත්කාල කේන්දරයටයි. තත්කාල කේන්දරයත්, උත්පත්ති කේන්දරයත් සසඳලා කිරණ එල්ලවන විදිය බලල තමයි මේවා කියන්නේ. මේ ග්‍රහ කිරණ ජීවියාට බලාපන විදිය සුබ නම් ග්‍රහ මිතුරු හැටියටත්, අශුභ නම් හතුරු හෝ නීච හැටියටත් ප්‍රකාශ කරනවා. මේ කිරණ පෘථිවියට නැත්නම් පෘථිවියේ ජීවත්වන මිනිහාට නරක අයුරින් සිදුවනවා නම් ඒවා වළක්වාලීම කළහැක්කේ එක් එක් බලවේගවලට පමණි. එනම් මැණික් ගල් පැලඳීම හා නියමිත යන්ත්‍ර පැලඳීම මේ ක්‍රමය හරියට විදුලිය පවතින නිවසකට කරදරයක දී විදුලි පරිපථය විසන්ධි වීමට සවිකරන “පියුස්” එක වගේ. දෙවියන් වහන්සේට යාඥා කිරීම, බෝධි පූජා කිරීමෙන් මේ බලපෑම් කිසිදු අයුරකින් වත් මැඬපැවැත්විය නොහැකියි. ඉන් සිදුවන්නේ චිත්ත සංතුන්ටිය ලබාගැනීම විතරයි. සියලුම දේ සිදුවන්නේ හිත ප්‍රධාන ම නිසා කිසියම් සහනයක් ලැබෙනව තමයි. නමුත් ඒක නියම පිළියම් නොවෙයි. මේ යන්ත්‍ර පැලැඳීම හා මැණික් ගල් පැලඳීම සෑම ජ්‍යොතිර්වේදියකුටම බැහැ. නමුත් ඒ අය කරනවා තමයි. නොදන්නා අය කළාම නැති කරදර ඇති වූ තැන් බොහෝයි. මේ මැණික් පැලැඳීම හා යන්ත්‍ර පැලැඳීම අනිවාර්යයෙන්ම කරගත යුතු වන්නෙ මිනිස් ශරීරයට එන ග්‍රහ අපල වළක්වා ගැනීමටම පමණි. ඒ සඳහා නියම මැණික් ගල පැලැඳිය යුතුය. ජාතක රත්නාකරය පැරණි පොතේ සඳහන් පරිදි

රිවි ඉඹුලය කලිඟු දේසය පත්මරාග මිණ ඉඳුරය
සඳු දිවුලුය යමුණ දේසය මුතුමිණ වෙයි වයඹ දිගය
කුජ කොලොන්ය අවන්නියය පබළුමිණය දකුණ දිගය
බුධ කොහොඹය මගද දේසය මරාමිණය උතුරු දිගය

ගුරු බෝධිය සින්දු දේසය පුෂ්පරාග මිණ ඉසානය
කිවි කරඳය බොජක දේසය වීදුරුමිණය අග්නිදිගය
ශනි නුගවෙය සෞර දේසය ඉඳුනිල් මිණ අවර දිගට
පනි වැටකෙය රටින දේසය ගෝමේදය නිරත දිගය

කේතුව රඹ විමන වෙනිය – අන්තර්වය දෙසදි පතිය වයිදුරිය මිණිය රුතිය – පහළ දිගෙහි වාස වෙතිය

මෙම කවිවලට අනුව නියම මිණිකැටය තෝරාගත යුතුමය. තවද මෙම මැණික් ගල් පැලඳීම ඉතා කල්පනාකාරීව පැලැඳිය යුතුය. නිවැරදිව ප්‍රකාශ කරනවා නම් මෝටර් රථයකට ඇන්ජිමට ප්ලග් සවිකිරීම වාගේ කිව්වොත් නිවැරදිය. කෙතරම් වටිනා ප්ලග් එකක් වුණත් එයට තැබිය යුතු පරතරය නොවුණොත් වාහනය පණගැන්වීම කළ නොහැක. එලෙසින්ම පලඳින මුදුවේ පහළ කොටස සමග ශරීරය ස්පර්ශ කරන පරතරය නිවැරදිව නොමැති නම් කිසිසේත් ශරීරයට කරදරයක් මිස හිතකරයක් නොවේ. එනම් නැති කරදර ඇතිවේ. තවද අද වෙළෙඳ පොළේ ඇති ලස්සන වීදුරු ගල් පැලැඳීම පළුදු මැණික් ගල් අඩු මිලට ගෙන පැලඳීම නොකළ යුතුම දෙයකි. පැලැඳීම කරනවා නම් ඒ ගැන විශේෂ දැනුමක් ඇති කෙනෙක් පැලඳීම කරනවා මිස නොකරනවා නම් ඊට වඩා යහපත් බව කිවයුතුය.

මේ ආකාරයට මැණික නියම වශයෙන් තෝරාගත් පසු මුදුව සකසන ලෝහය ගැන ද ඔබට කිසියම් දැනුමක් තිබිය යුතුමය. මැණික ඉතා වටිනවා වූ පළියට රන් මුදුම පැලැඳීම නොකළ යුතුය. එනම්

හිරුට තඹ වේ. නිසයුරු හට මැණික් වනු කුජට රත්තරන් – බුධට පිත්තල වේ ධනු – ගුරුට රිදී සිකුරුට මුතු පලය වනු – ශනිට යකඩ ඊයම් ඈ දෙය කියනු.

මේ ආකාරයට ම ග්‍රහ අපල දෝසවලට දෙවන මග නම් යන්ත්‍ර පැලැඳීමයි. මෙයද හැම ජ්‍යොතිර්වේදියකුට ම කළ නොහැක. මෙහිදී ද දුටු පුරුද්ද කළ පුරුද්ද වැනි දෑ තිබිය යුතුමය. නියමිත ග්‍රහයාට නියම යන්ත්‍රය පළමුවෙන් ඔබ තීරණය කළ යුතුවේ. මෙලෙස තෝරාගත් යන්ත්‍රය ජ්‍යොතිර්වේදියා විසින් පින්තූරයක් මගින් හෝ ප්‍රථමයෙන් ඔබට පෙන්වා ඔබ දැනුවත් කළ යුතුය. ඉන්පසු නියමාකාරයෙන් යන්ත්‍රය අක්‍ෂර පිරවිය යුතුය. බොහෝ ජ්‍යොතිර්වේදීන්ට මෙම යන්ත්‍ර විද්‍යාව ගැන ඇත්තේ අල්ප දැනුමක් වුවද ඔවුන් ද යන්ත්‍ර පලඳන බව දනිමු. එවැනි අයගෙන් ප්‍රවේශම් වී දැනුම ඇති අයෙක් තෝරා ගැනීමෙන් ඔබට යහපතම සලසා ගත හැකිය. යන්ත්‍ර වර්ග රාශියක් ඇති හෙයින් සුදුසුම යන්ත්‍රය තෝරා ගැනීම ඔබේ යුතුකම වන්නේය.

උදහාරණයක් වශයෙන් හතුරු සෙනසුරු ග්‍රහයාට නීල මණ්ඩලය හෝ ශනි මුත්‍යජය යන්ත්‍රය ද බුධ හෝ බ්‍රහස්පතිට නවනාථය හෝ ස්කෝන් නවනාථය යන්ත්‍ර ශ්‍රීයාවට මහලක්‍ෂ්මි යන්ත්‍ර වැනි නියම යන්ත්‍ර තෝරාගැනීම ජ්‍යොතිර්වේදී මහතාගේ යුතුකම සේ ඔබගේ ද වගකීමයි.

ග්‍රහදෝෂවලට පිළියම්

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ගුප්ත විද්‍යා
මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
077 987 0007 – 072 217 4553

advertistmentadvertistment
advertistmentadvertistment