ප්‍රබල දේශපාලකයකුට දරු සුරතල්

12999

මෙරට ප්‍රබල දේශපාලනඥයකු මේ දිනවල දියණියකගේ දරු සුරතල් විඳිමින් සිය දේශපාලන කටයුතු කරගෙන යන බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

කාලයක පටන් දරු සුරතල් බැලීමට ඉතා ආසාවෙන් සිටි මෙම දේශපාලන නායකයාට එම වාසනාව උරුමවීම සම්බන්ධයෙන් සුබ පැතීමට මෙම පුවත ‘දිවයින’ මෙසේ පළ කර සිටී.

දැනට මාස පහකට හයකට පමණ පෙර එම දරු උපත සිදුකර ඇති අතර පසුගිය දිනෙක සුබ මොහොතින් දියණියගේ හිස කෙස් කැපීමේ චාරිත්‍රය ද ඉටුකර ඇත.

මෙම දරු උපත පිළිබඳව එම නායකයාගේ සමීපතමයන් කිහිපදෙනකු පමණක් දැනුවත් අතර එය මෙතෙක් රහසක් වශයෙන් තබා ගැනීමට ඔහු කටයුතු කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment