මුදල් පිළිබඳ කාරක සභාව සූදු කෙළියට සිංගප්පුරු ක්‍රමය හා ලංකාවේ ක්‍රමය ගැන වාර්තාවක් ඉල්ලයි

66

සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇති අතර මෙරට තුළ සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර්මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් ද ලබාදෙන ලෙස එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකරමින් සිංගප්පුරු වෙළඳ ගිවිසුම හා කටයුතු සිදුකරන ප්‍රධාන නිලධාරියාට මෙම ගිවිසුම පිළිබඳව තාර්කාණුකූලව කරුණු ඉදිරිපත් කරමින් සති 06ක් තුළ වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නියෝග කළේය. මේ අතර සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය සම්බධයෙන්ද කමිටුව්දී සාකච්ජා විය. නිලධාරීන් ප්‍රකාශ කළේ මේ පිළිබඳව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේද ලංකාවේද පවතින ආයතන කිහිපයක් සමග සාකච්ජා කර කෙටුම්පතක් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් අවසන් පනතක් සකස් කිරීමට පෙර එම කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව සූදු නියාමන අධිකාරියයක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර්මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙස කමිටුවට උපදෙස් ලබා දෙන ලදී.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment