සීනි දිරියට කෝටි 32ක්

68

මහා භාණ්ඩාගාරය මගින් අනුමත කරන ලද දිරි දීමනා යෝජනාක්‍රමයක් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ක්‍රියාත්මකව නොවී තිබිය දී එම සමාගමේ සේවකයන් සඳහා 2022 වර්ෂයේ දී රුපියල් තිස්දෙකෝටි හැත්තෑ හය ලක්ෂ අනූ දෙදහස් නමසිය අනූනමයක මුදලක් (327,692,999) දිරි දීමනා වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ සෙවනගල හා පැලවත්ත යන අංශවල සේවකයන් සඳහා මෙම දිරි දීමනා මුදල් ගෙවා තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම සෙවනගල හා ප්‍රධාන කාර්යාලයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් එක්කෝටි අනූනම ලක්ෂ හතළිස්හය දහස් අසූදෙකක (19,946,082) මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment