මම ටිකක් Excite වුණා… – කල්හාරි එදිරිසිංහ

112

සුදු නෝනා හරිම අහිංසකයි

කල්හාරි එදිරිසිංහ කියන නම ඔබට අලුත්. ඒ වගේම පුංචි තිරයටත් අලුත්. මේ දිනවල විකාශය වන ‘මීයා. ටෙලි නාට්‍ය හරහා ඇයගේ රංගන හැකියාවන් ඔබට දැකබලා ගන්න පුළුවන්. ඒ අතර ඇය ගැන තොරතුරු ටිකක් දැනගන්න මීවිත” කල්හාරි සමග පිළිසඳරක යෙදුණා.

● කල්හාරි” ‘මීයා. ටෙලියේ සුදුනෝනාගේ චරිතය කොහොමද ඔබට ලැබෙන්නෙ?

මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්මයාගේ ‘සිසිවන වුවන. ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් ලැබෙනව. මේ නිර්මාණය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. එහිදී හඳුනාගත් පිරිස හරහා තමයි මට සුදුනෝනාගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.

විශේෂයෙන්ම සහය අධ්‍යක්‍ෂ සරත් සේනාරත්න මහත්මයා නිසා තමයි සිසිවන වුවන ටෙලිනාට්‍යයේ ගැහැනු ළමයින්ට මීයා නාට්‍යයේ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබෙන්නෙ.

මම ටිකක් Excite වුණා… - කල්හාරි එදිරිසිංහ

● සුදුනෝනාගේ චරිතය ගැන කතා කළොත්?

මීයා තිර රචනය කරන්නෙ චින්තන ධර්මදාස මහත්මයා. ඔහු බොහොම අපූරුවට ලියල තියෙනව” සුදුනෝනා කියන අහිංසක ගැහැනු ළමයාට එයාගේ ආදරය ජයගන්න බැරිව යන විදිහ. ඇයට මේ විදිහට ආදරයෙන් පරදින්න වෙන්නෙ තරිඳු විසින් ඇතිකරගන්නා හේතු වගේම සමාජය විසින් ඔහුට ඇතිකරනා හේතු නිසායි. මේවා නිසා ඔහු සුදුනෝනාගේ ආදරය නොසළකා හැරලා වෙනස වෙනස් අය හා වෙනස් වෙනස් දේවල් පස්සෙ යනවා. නමුත් අවසානයේ හැමදේම ඇය තමන්ට නතුකරගන්නවා. මේ විදිහට චින්තන මහත්මයා ඔහුගේ නිර්මාණය තුළ කතාකරන බොහෝ කාරණා අතරට ආදරය කියන කාරණයත් අපූරුවට ඇතුළත් කරල තියෙනවා.

● පිටපත ලැබීමත් සමග ඔබ කොහොමද මේ චරිතයට සූදානම් වෙන්නෙ?

චින්තන ධර්මදාස කියන්නෙ සමාජ” ආර්ථික” දේශපාලනික” සංස්කෘතික අංගයන් කතාබහට ලක්කරන” පෙරළිකාර වැඩ කරන චරිතයක්. මේ චරිතයේ පිටපත ලැබීමත් එක්ක ලොකු සතුටක් වගේම” ඒක වගකිවයුතු කාර්භාරයක් කියල දැණුනා. මේක අලුත් අත්දැකීමක් වගේම ප්‍රවීණයන් පිරිසක් එක්ක වැඩකරන්න ලැබෙන අවස්ථාවක් නිසා සතුටින් භාරගත්තා. මේ පිටපත තුළ දිවෙන කතාව තුළ මට දැණුනෙ සුදුනෝනා කියන චරිතය මොන වගේද” ඇය කොහොමද ඇයගේ ආදරයත් එක්ක ගනුදෙනු කරන්නෙ කියන දේ.

මම ටිකක් Excite වුණා… - කල්හාරි එදිරිසිංහ

● මේ වගේ චරිත සමාජය තුළ ඔබට මුණගැහිල තියෙනවද?

අවංකව” අහිංසකව ආදරය කරන ගොඩක් ගැහැනු ළමයින්ට අඩු වැඩි වශයෙන් ජීවිතයේ එක අවස්ථාවකදී හරි අවස්ථාවලදී සුදුනෝනා කෙනෙක් වෙන්න ලැබිල ඇති.

● සුදුනෝනා කල්හාරිට කොතෙක් දුරට සමානද?

මේ කතාවේ සුදුනෝනා කියන්නෙ හරිම අහිංසක” ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන” ඉදිරි අනාගතය තමන් ආදරය කරන පිරිමි ළමයත් එක්ක ප්ලෑන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒක ආදරවන්තියක් විදිහට මටත් පොදුයි. නමුත් අහිංසක කියන තැන ගත්තාම මම තැන්පත්” අහිංසක නැහැ. කෙළිලොල් වගේම නිතරම සතුටින්” සමාජශීලීව ඉන්න උත්සාහ කරන ටිකක් දඟ ගැහැනු ළමයෙක්.

● ෂූටිං අවසන් වෙද්දි අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වාගේද?

විෂයයක් විදිහට නැතත් නාට්‍ය හා රංගකලාව මම බාහිරින් හදාරනවා. ඒ කටයුතුත් එක්ක රංගන කටයුතුත් කරන එක ගැන ඇත්තටම මට අධ්‍යක්‍ෂවරයාගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.

මේ ටෙලි නාට්‍යයේ නමත් එක්ක ඔබට චකිතයක් ඇති වුණාද?

චින්තන මහත්මයා කියන්නෙම පෙරළිකාර රචකයෙක් නිසා මම ටිකක් Excite වුණා. නමුත් පිටපත ඇතුළෙ මගේ චරිතය දකිද්දි බය වෙන්න කාරණයක් තිබුණෙ නැහැ.

කල්හාරිගෙ විස්තර ටිකක් කියමු?

මගේ ගම දිවුලපිටිය. පවුලේ ඉන්නෙ මම” අම්මා” තාත්තා සහ අයියා. තාත්තා විශ්‍රාමික හමුදා නිළධාරියෙක්. මම අධ්‍යාපනය ලබන්නෙ හුණුමුල්ල ශ්‍රී ඩබ්. ඩබ්. කන්නන්ගර ජාතික පාසලෙන්. මම රංගනයට අත්පොත් තියන්නෙ 8 ශ්‍රේණියේදී. ඒ මගේ පාසලේ රංගකලා ගුරුවරයා වන ජයලත් වර්ණතිලක මහත්මයාගේ මගපෙන්වීමෙන්. එතැනින් පස්සෙ සාමාන්‍ය පෙළ” උසස් පෙළ සහ සරසවියේ පළමු වසරෙදි නාට්‍ය හා රංගකලාව විෂයයක් විදිහට හදාරනවා. දෙවැනි වසරේදී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා තෝරාගන්නෙ ජාත්‍යන්තර අධ්‍යයනය විෂය. මේ වන විට මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හදාරා අවසන් කරල තියෙනවා.

ඔබේ වෘත්තිය?

අලෙවි කළමනාකරණ අංශයට සම්බන්ධ රැකියාවකට ඉක්මණින් සම්බන්ධ වුණා. මොකද මගේ වෘත්තීයමය සුදුසුකම් සහ අත්දැකීම් වැඩිදියුණු කරගන්න උවමනා නිසා. ඒ වගේම ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඉන්ටර්නර් කෙනෙක් හැටියට කටයුතු කළා සහ දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාවක් හදාරනවා.

දිගටම රංගනයේ යෙදෙනවාද?

රංගනය කියන්නෙ මම කැමතිම දේ. මට වුවමනා වුණේ වෙනසක් සහ දෙපැත්තක් කරගෙන යන්න. අධ්‍යාපනයට වෙනස් වෙනස් දේ හදාරමින් ජීවිතය හා සමාන ආසාවෙන් කරන රංගන කටයුතුත් හාරමින් හැමදේම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

සිනමාවට ඇති කැමැත්ත?

සිනමාව කියන්නෙ මම සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න දෙයක්. ඒක මට අලුත් අත්දැකීමක්. කෙටි චිත්‍රපට සඳහා සම්බන්ධ වෙලා තියෙනවා.

සුදුනෝනාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

දැනට නාට්‍ය බලපු මගේ විශ්ව විද්‍යාල යහළුවන්ගෙන්”

ගුරුවරුන්ගෙන් වගේම පවුලේ අයගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියල මම බලාගෙන ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment