සෝමාලි හමුදාව සහ ගරිල්ලා කණ්ඩායම ගැටී 120ක් මරුට

227

සෝමාලි හමුදාව සහ සුන්නාවල් ජමා ගරිල්ලා කණ්ඩායම අතර තෙදිනක් තිස්සේ ඇතිවූ සටනින් 120කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇත. රජය අල් ෂාබ් කණ්ඩායම මර්දනය කිරීමට අසමත් වී ඇති බව එකී ගරිල්ලා කණ්ඩායම චෝදනා නඟා තිබේ. ගරිල්ලා සංවිධාන ප‍්‍රකාශක හසන් සාගර් පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම 120ක් මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙම ගැටුම ගැන කරුණු දැක්වූ ගැල්මුබුස් ප‍්‍රාන්ත සන්නිවේදන අමාත්‍ය අහමද් ෂිිනර් රජයේ හමුදා භටයන් 16 ක් මරුමුවට පත් වී 45 ක් තුවාල ලබා ඇතැයි ප‍්‍රකාශකර ඇත. ඉදිරියේදී එම ගරිල්ලා කණ්ඩායම විනාශකර දමන බව හෙතෙම තවදුරත් පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment