යූ.එන්.පී.මන්ත්‍රී තෝරන්න කළමනාකරණ කමිටුව රැස්වෙයි

225

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පක්‍ෂයේ කළමනාකරණ කමිටුව රැස්වී අයකු පත්කරන බව පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

2020 අගෝස්තු 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට එකදු මන්ත්‍රී ධුරයක් හෝ නොලැබුණු අතර එම පක්‍ෂයට හිමිවූ බෝනස් අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිට ජනාධිපති ධුරයට පත්වීමත් සමග එම පක්‍ෂයට නැවත පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු පත්කිරීමේ අවස්ථාව හිමිව තිබෙන බවත් එය නොබෝ දිනකින් පත් කිරීමට පක්‍ෂය අදහස් කරන බවත් රංගේ බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment