Sustainable U.S. Soy ඇසුරුම් ලාංඡනය හිමිකරගත් පළමු දකුණු ආසියානු සහ SSA කලාපීය සමාගම බවට නිව් ඇන්තනීස් සමූහය පත්වෙයි

34

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදකයෙකු වන New Anthoneyzs සමූහය, සිය තිරසාරත්වය වැඩපිළිවෙළ ඉදිරියට යමින් සහ පරිසර හිතකාමී බව ප්‍රකට කරමින්, කීර්තිමත් ‘Sustainable U’S’ Soyz ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම්වල භාවිතා කිරීමේ අයිතිය මෑතකදී හිමිකරගැනීමට සමත්විය.

මෙම සහතිකය දිනාගත්ය දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමුවැනි සමාගම නිව් ඇන්තනීස් සමූහය වීම ද කැපීපෙනේ.

තම නිෂ්පාදනවල තිරසාර යූ.එස්. සෝයා භාවිතා කරන නිෂ්පාදකයින්ට සුප්‍රකට ‘Sustainable U’S’ Soyz ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම් සඳහා පිරිනමනු ලබන අතර, ලොව පුරා නිෂ්පාදන 550කට අධික ප්‍රමාණයක ලාංඡනය භාවිත කරන සමාගම් 30කට නිව් ඇන්තනී සමූහය සම්බන්ධ වේ. ප්‍රෝටීන් ඌනතාවයේ ගෝලීය බර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රියා කරන රයිට් ටු ප්‍රෝටීන ව්‍යාපාරයේ නවතම ආධාරකරුද නිව් ඇන්තනී සමූහයයි.

නිව් ඇන්තනීස් සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා, U.S. Soy Sustainability & Marketing හි දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ ප්‍රධානී ඩීබා ගියානෝලිස් අතින් සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment