කොළඹ ජාතික රෝහලේ සිවිලිමක ලක්ෂ 90 ක ශල්‍ය උපකරණ

949

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇත.පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ඒ බව පැවසීය.ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවය. එබැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ. අදාළ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කැඳවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment